FAST NEWS

24×7 Around the Globe

මාධ්‍යවේදීන්ට නිවුස් නැති වෙන්න හේතුව කිරිඇල්ල පවසයි.

අද රටේ ඇති යහපාලනය හේතුවෙන් මාධ්‍යවේදීන්ට පුවත් නැතිව ඔවුන් පුවත් අහේනියකට ලක්ව ඇතැයි ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
ගම්පොලදී පැවති උත්සවයකදී ඇමතිවරයා මෙසේද කියා සිටියේය.
‘යහපාලනය නිසා මාධ්‍යවේදීන්ට නිවුස් නෑ. පත්තරවලට ලියන්න ටී.වී.වල දාන්න දෙයක් නෑ. මාධ්‍යවේදීන් දැන් විපක්ෂයේ මන්ත‍්‍රීවරුන්ට කතා කරලා කියනවලූ විශාල නිවුස් අහේනියක් ඇති බව.
දැන් ඉස්සර වගේ මිනිස්සු පැහැරගෙන යන්නේ නෑ. ව්නිශ්චයකාරවරු එළවන්නේ නෑ. මිනිස්සු ගස් බදින්නේ නෑ. මර්වින් සිල්වත් පේන්න නෑ. විපක්ෂයේ මන්ත‍්‍රීවරුන්ටත් කියන්න දෙයක් නෑ. ඉතින් නිවුස් නෑ. යහපාලනයක් මේ රටේ තියෙනකොට ත‍්‍රාස ජනක කතා නැතුව යන බව මින් පේනවා’