FAST NEWS

24×7 Around the Globe

අතුල සහ සමිතා පේ‍්‍රමාන්විතය නැවතත්.

අමායා අධිකාරිගෙන් වෙන්වී යළිත් සමිතා වෙත ගිය අතුල අධිකාරි සිය පැරණි බිරිඳ සමග එක්ව සිය පැරණි ප්‍රේමය මියුසික් වීඩියෝවකින් නිර්මාණය කොට තිබෙනවා.

ලබන පෙබරවාරි මස 5 වැනිදා එළි දකින ඉනෝකා සත්‍යාංගනීගේ සින්ඩ්‍රෙල්ලා චිත‍්‍රපටය වෙනුවෙන් මේ මියුසික් වීඩියෝව නිර්මාණය වී තියෙනවා කියලත් ආරංචියක් තියෙනවා.

ඉතින් මේ මියුසික් වීඩියෝවට අතුල සහ සමිතා පෙනී සිටින පේ‍්‍රමාන්විත දර්ශන කිහිපයක් ඇතුළත්ව ඇති බවයි වාර්තා වෙන්නේ.
ඒ අනූව සින්ඩ්‍රෙල්ලා චිත‍්‍රපටයට ඔවුන් දෙදෙනා ගයන ගීතයක් මේ මියුසික් වීඩියෝව සඳහා ඔවුන් භාවිත කර තිබෙනවා.

මේ මියුසික් වීඩියෝව රූපගත කොට ඇත්තේ නුගේගොඩ, ගංගොඩවිල ප‍්‍රදේශයේ බවත් වාර්තා වෙනවා.මෙම ගීතයත් මියුසික් වීඩියෝවත් තවත් දින කිහිපයකින් අන්තර්ජාලයට එක් කිරීමට නියමිත බවද වාර්තා වෙනවා.

4123