FAST NEWS

24×7 Around the Globe

කුමාර වෙල්ගමට අල්ලස් එක නඩු දැම්මේ ඇයි?

පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා විසින් පසුගිය රජයේ ප‍්‍රවාහන ඇමැතිවරයා ලෙස සිටියදී ගමනාගමන මණ්ඩලයේ උප සභාපතිවරයකු ලෙස පුද්ගලයෙකුට තනතුරක් සාදාදී ඔහු සිටි නිල කාලය සඳහා වැටුප් වශයෙන් නීති විරෝධී ලෙස රුපියල් ලක්ෂ 32 ක මුදලක් ගෙවීම සම්බන්ධව අල්ලස් හෝ

දු ෂණ කොමිසම විසින් ඊයේ (21 වැනිදා)කොළඹ මහෙස්ත‍්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇත.

එල්. ඒ. විමලරත්න නමැති අය මෙලෙස ගමනාගමන මණ්ඩලයේ උප සභාපති ධුරයකට පත්කර තිබූ අතර මෙවැනි තනතුරක් මීට පෙර තිබී නැති බවද වාර්තා වුණා.
නඩුව පෙබරවාරි මස 16 වැනිදා විභාගයට ගනු ලබන බවත්, එදින කුමාර වෙල්ගම මහතාට පෙනී සිටින ලෙස අධිකරණය මගින් නොතීසි නිකුත් කර ඇත.