FAST NEWS

24×7 Around the Globe

මෛත්‍රිගෙන් මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඩුවම?

ශ්‍රී ලංකාවට මත් පෙති, මත් කුඩු,  මත්ද්‍රව්‍ය ගෙන්වන අලෙවි කරන පුද්ගලයන්ට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සුදුසු යැයි යෝජනා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  මහතා පවසයි. ඒ ගැන සංවාදයක් අද සිට රටේ ඇති කිරීමට තමා යෝජනා කරන බව පැවසූ ජනාධිපතිවරයා ඒ අනුව පිළිබිඹු කෙරෙන ජනමතය සැලකිල්ලට ගෙන ඉදිරි පියවර ගන්නා බව ද කීවේය.

ආණ්ඩු කරන විට පින් කරනවා වගේම පව්වලටත් දායක වීමට සිදුවන බව ද හෙතෙම සඳහන් කළේය.

ජනපති මේ අදහස් පළ කළේ ලෝක දුම්කොළ විරෝධී දිනය වෙනුවෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති උත්සවයක් අමතමිනි.