FAST NEWS

24×7 Around the Globe

ෆොන්සේකා සහ රෝසිට පාර්ලිමේන්තු යන්න අවස්ථාව ලැබේද?

අමාත්‍ය එම්. කේ. ඒ. ඩී. එස්‌. ගුණවර්ධන මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වන මන්ත්‍රී ධුරයට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ සහ රෝසි සේනානායක මහත්මියගේ නම් යෝජනාවී ඇති බව වාර්තා වනවා.

එම පුරප්පාඩුවට මන්ත්‍රීවරයෙකු පත් කිරීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවට නැවත පැමිණීමෙන් පසුව සිදු කෙරෙන බවයි එජාප මහ ලේකම් අමාත්‍ය කබීර් හෂීම් මහතා සඳහන් කළේ.

අමාත්‍ය එම්. කේ. ඒ. ඩී. එස්‌. ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවට තේරී පත් වුණේ එක්‌සත් ජාතික පෙරමුණට හිමිවූ ජාතික ලැයිස්‌තු මන්ත්‍රීධුරයක් සඳහායි.