FAST NEWS

24×7 Around the Globe

විනිසුරු තීරණ නැවත සලකා බලන ක්‍රමවේදයේ වෙනසකට අයි.සී.සී යෙන් පියවර.

ක්‍රිකට් තරගවලදී යොදා ගන්නා, විනිසුරු තීරණ නැවත සලකා බැලීමේ ක්‍රමවේදයේ සිදුකළ යුතු වෙනස්කම් පිළිබඳව තම ආයතනය ඉදිරියේදී තීරණයකට එළැඹෙන බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය පවසයි.

වසරක කාලයක් තුළ සිදු කළ අධ්‍යනයක් සැලකිල්ලට ගනිමින් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය මෙම තීරණයට එළැඹ තිබේ.

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රවර්ධනාත්මක වැඩසටහනක් චෙන්නායිහිදී ඊයේ (21) පැවැතිණ.

එහිදී අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල ප්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ් රිචඩ්සන් පැවසුවේ, විනිසුරු තීරණ නැවත සලකා බැලීමේ ක්‍රමවේදයේ ගුණාත්මකභාවය පිළිබඳව සොයා බැලීමට සිදු කළ අධ්‍යනයේ වාර්තාව ලබන මැයි මාසයේදී තම ආයතනයට ලැබීමට නියමිතව ඇති බව ය.

අමෙරිකානු විශ්වවිද්‍යාලයක් විසින් වසරක කාලයක් තුළ මෙම අධ්‍යනය සිදු කරනු ලැබිණ.

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල ප්‍රධාන විධායක නිලධාරිවරයා වැඩිදුරටත් පැවසුවේ, අදාළ වාර්තාව තම ආයතන ක්‍රිකට් කමිටුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ‘‘විනිසුරු තීරණ නැවත සලකා බැලීමේ ක්‍රමවේදයේ‘‘ සිදු කළ යුතු වෙනස්කම් පිළිබදව තීරණයක් ගැනීමට අපේක්ෂා කරන බව ය.