ඉතාලියේ බටහිර වෙරළ තීරයේට ඉහළ අහසේ පියාසර කරමින් තිබු සැහැල්ලු ගුවන් යානා දෙකක් එකට ගැටීම නිසා ගුවන් යානා දෙකම කඩා වැටි ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එහිදී එක් ගුවන් යානයක සිටි ගුවන් නියමුවෙක් මිය ගොස් තිබේ.
අනෙක් ගුවන් යානයේ සිටි ගුවන් නියමුවා අනතුරෙන් ජීවිතය ගලවා ගැනීමට සමත් වී තිබේ.
කෙසේ වෙතත් මෙම අනතුරෙන් ගුවන් යානා දෙකෙහිම සෑම කොටසක්ම විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.
කෙසේ වෙතත් මෙම අනතුර සිදු වූ අවස්ථාවේ එම වෙරළ තීරයට පැමිණ සිටි පුද්ගලයෙකු සිය ජංගම දුරකතනයට හසු කරගැනීමට සමත් වී තිබේ.












