FAST NEWS

24×7 Around the Globe

රැකියා නොදීම හේතුවෙන් එජාප බිම් මට්ටමේ කැරැල්ලක්.

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නොවන ආසන සංවිධායකවරුන් පිරිසක් මේ වන විට ඇතැම් සිදුවීම් සම්බන්ධයෙන් කලකිරීමට පත්ව ඇති බව වාර්තා වනවා.

පසුගිය දා අපේ ගම පරිශ්‍රයේ පැවති සාකච්ඡාවක දී ඇතිවූ සිදුවීම් කිහිපයක් ද ඊට හේතු වී ඇති බවයි පැවසෙන්නේ.

මෙම සාකච්ඡාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නොවන ආසන සංවිධායකවරු 80ක් පමණ සහභාගී වුණා.

මෙම ආසන සංවිධායකවරු සඳහා වසර දෙකක් යනතුරු රජයේ වෙනත් තනතුරු ලබා දීම ප්‍රතික්ෂේප කිරීම,රැකියා සඳහා පිරිස් යොමු කිරීමට ඇති අවස්ථාව අඩුවීම යන කරුණු නිසා ඇතැම් සංවිධායකවරු අසතුටට පත්ව තිබෙනවා.

ඇතැම් අයට පමණක් රජයේ වෙනත් තනතුරු ලබා දී ඇති බවත් රැකියා සඳහා පිරිස් යොමු කිරීමට අවස්ථාව ද ලබා දී ඇති බවත් ඔවුන් පවසනවා.

මේ අතර තමන් නොදැනුවත්වම ඔවුන්ගේ ආසනවල පිහිටි රජයේ ආයතනවල රැකියා සඳහා වෙනත් ප්‍රදේශවල අමාත්‍යවරු පිරිස් යොමු කර ඇති බව ද ඇතැම් සංවිධායකවරු පවසනවා.