FAST NEWS

24×7 Around the Globe

අයි.සී.සී යෙන් ජයානන්ද වර්ණවීරට වසර තුනක තහනමක්.

ගාල්ල කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේ තණතිල්ල භාර හිටපු නිලධාරීයා වූ ජයානන්ද වර්ණවීර මහතාට වසර 3 ක කි‍්‍රකට් තහනමක් පැනවීමට අයි.සී.සී ය අද (20) තීරණය කළා. ඒ අනුව ඔහුට කි‍්‍රකට් කී‍්‍රඩාවට සම්බන්ධ කිසිදු පරිපාලන කටයුත්තකට සම්බන්ධවීම තහනම් වනු ඇති.

ශී‍්‍ර ලංකාව සත්කාරකත්වය ලැබූ කි‍්‍රකට් තරගාවලියකදී ප‍්‍රතිවාදී කණ්ඩායම්වලට වාසිදායක අයුරින් කී‍්‍රඩාංගණය සැකසූ බවටයි වර්ණවීර මහතාට චෝදනා එල්ල වුණේ. ඒ සම්බන්ධයෙන් දූෂණ වැළැක්වීමේ කමිටුව සිදුකළ පරීක්‍ෂණයට සහභාගි වන ලෙස දැනුම් දුන්නද අවස්ථා දෙකකදී ඊට සහභාගිවීම ඔහු විසින් මගහරිනු ලැබුවා.