FAST NEWS

24×7 Around the Globe

රතන හිමිගෙන් මහින්දට කොළ එළියක්?

අද (20) උදෑසන ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්ගේ රාජගිරිය සදහම් සෙවණ අසපුවේ මුල්ගල් තැබීමේ උත්සවයක් සංවිධානය කර තිබූ අතර එය පැවැත්වීමට නියමිතව තිබී ඇත්තේ පෙරවරු 10.30ට යි.

නමුත් නියමිත වේලාවට වඩා දෙපැයකට පෙර උත්සවය පැවැත්වීමට තීරණය කර ඇති අතර එයට හේතුව ලෙස රතන හිමි සඳහන් කොට ඇත්තේ උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස රටේ ඉහළ පෙලේ ප්‍රභූවරයෙකු පැමිණීමට නියමිත බවයි.

එහෙත් එකී විශේෂ අමුත්තා නොපැමිණෙනු ඇතැයි පසුව කී රතන හිමියෝ මුල්ගල තබන ලෙස කථානායක කරු ජයසූරිය මහතාට ඇරයුම් කළහ.

හදිසියේ යළි නිවේදනයකින් කියවුණේ ප්‍රමාද වූ විශේෂ අමුත්තා උත්සවයට සහභාගි වීම පිණිස පිටත් වී ඇති බවයි.

මේ හේතුවෙන් උත්සවයේ වැඩ යළිත් නතර කෙරුණු නමුත් එකී අමුත්තා නොපැමිණි බැවින් පසුව මුල්ගල තැබීමේ කටයුතු නිමා වී උත්සවයට පැමිණි පිරිස් ද විසිර ගියහ.

කෙසේ වෙතත් උත්සවයේ නිවේදකයා ලෙස කටයුතු කළ පුද්ගලයා සඳහන් කළේ ප්‍රධාන අමුත්තා ලෙස “ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා” සහභාගි වන බවයි.

හිමි නමක් ඔහු ළඟට විත් කනට කොඳුරන විට ඔහු තමාගෙන් සිදු වූ අත්වැරැද්ද නිවැරදි කරගත්තේය.

අභාවප්‍රාප්ත වූ ඇමැති එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතාගේ අවමගුල් කටයුතු නිසා මෙසේ ප්‍රධාන අමුත්තාගේ ප්‍රමාදය සිදුවී ඇතැයි පැවසේ.