ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (19) පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණියේය.
____________ (Update)
ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මැතිව්ස් අද FCIDයට.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කුසල් ජනිත් පෙරේරාට හා රංගන හේරත්ට තරග පාවාදීමට යෝජනා කිරීම පිළිබඳව සිදුකරන පරීක්ෂණවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් මහතා අද (19දා) පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට පැමිණීමට නියමිතය.
අදාළ ප්‍රකාශය ලබාදීම සම්බන්ධයෙන් මැතිව්ස්ට ඊයේ (18) දිනයේදී පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට පැමිණෙන ලෙස දන්වා තිබුණද, තමාට එදිනට සහභාගි විය නොහැකි බව ඔහු මූල්‍ය අපරාධ ඒකකයට දන්වා තිබිණි.
එසේම තරග පාවාදීම් පිළිබඳව ප්‍රකාශයක් ලබාදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු ජෙරී වවුටර්ස් මහතා ඊයේ (18) දිනයේදී පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට පැමිණි අතර, ඔහුගෙන් අදාළ සිදුවීම පිළිබඳව ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.







