FAST NEWS

24×7 Around the Globe

තිලංග සුමතිපාල ශ්‍රී ලංකා ක්‍රිකට් නායක්තවයට සුදුස්සෙක් සොයයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස්ට විවේකයක් ලබා දෙන ලෙස ඉල්ලමින් ඉල්ලීමක් යොමු වී ඇති බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපති තිලංග සුමතිපාල මහතා පැවසීය.

මහනුවරදී ඊයේ (17) පැවැත් වූ මාධ්‍ය හමුවකදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපති තිලංග සුමතිපාල මහතා මේ බව සඳහන් කර සිටියේය.

ඇන්ජලෝ මැතිව්ස් සහ ලසිත් මාලිංග විවේක ගැන්වීමට කටයුතු කළහොත් කණ්ඩායමේ නායකත්වය පත්කල යුතු සුදුස්සෙකු පිළිබඳව මේ දිනවල සලකා බලන බව සුමතිපාල මහතා මෙහිදි අවධාරණය කලේය.

ශී‍්‍ර ලාංකික කී‍්‍රඩකයන් කිහිපදෙනෙකු ආබාධයන්ට ලක්ව සිටින බවද එය ඉදිරි තරගාවලි සඳහා කිසියම් බාධාවක් බවද මෙහිදී ඔහු වැඩි දුරටත් අවධාරණය කර සිටියේය.