FAST NEWS

24×7 Around the Globe

කුසල්ගෙන් මූල්‍ය අපරාධ කොට්ඨාසය පැය ගණනාවක් ප්‍රකාශ ගනී.

කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් කුසල් ජනිත් පෙරේරා සහ රංගන හේරත්ගෙන් ක්‍රිකට් තරග පාවාදීමට යෝජනා කිරීම සම්බන්ධයෙන් පැය ගණනාවක් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
පසුගිය දොළොස්වන දින ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර තවත් ප්‍රසිද්ධ ක්‍රීඩකයින් කිහිපදෙනකුගෙන් ද ප්‍රශ්න කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මූල්‍ය අපරාධ කොට්ඨාසය ක්‍රිකට් තරග පාවාදීමට යෝජනා කිරීම සම්බන්ධයෙන් රහසිගත පරීක්ෂණයක් ද පවත්වා ඇති අතර එම ක්‍රීඩකයන්ගේ ප්‍රකාශ සටහන් කරගන්නේ ඒ අනුවයි.

මෙම කුමන්ත්‍රණය සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය විසින් කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණිලි කර තිබූ අතර පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතාගේ උපදෙස් මත පරීක්ෂණ කඩිනමින් ආරම්භ කෙරුණා.