FAST NEWS

24×7 Around the Globe

ලොකුම නිල මැණික වාර්තාව ලංකාවෙන්ම නැවත අලුත් වේ.

මතකද ඔයාලට ලොව විශාලතම නිල් මැණික තියෙන්නේ ලංකාවේ කියලා අපි කිව්වා. අන්න ඒ මැණිකටත් වඩා අතිවිශාල නිල් මැණිකක් ආයෙමත් ලංකාවෙන්ම මතුවෙලා.

මේ මැණික මතුවෙලා තියෙන්නේ දඹුල්ල ඇළහැර ප්‍රදේශයේ මැණික් පතලකින්. මේ මැණිකේ හිමිකරුවා බේරුවල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙක්.

ග්‍රෑම් වලින් මේ මැණික 480ක් බරයි. ඒ වගේම කැරට් 2476.66ක් මේ මැණික බරලු.

තවමත් මේ මැණිකේ වටිනාකම තක්ෂේරු කරලා නෑ. ඒ අනුව ලංකාවෙන් හමුවූ විශාලතම සහ වටිනාම නිල් මැණික මෙය වෙනු ඇති.