FAST NEWS

24×7 Around the Globe

තාජුඩීන් ඝාතනයේ අලුත්ම සාක්ෂි සොයා ගැනේ.

ප්‍රවීණ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය කළ අවස්ථාවේ එම ස්ථානයේ සිටි බව කියන ආරක්‍ෂක අංශ සාමාජිකයන් සහ සිද්ධියට නම ගෑවී ඇති ඉහළ පෙළේ පුද්ගලයන් අතර සිද්ධිය සිදු වූ අවස්ථාවේ දුරකතන සංවාදයක් සිදුව ඇති බවට මේ වන විට තොරතුරු හෙළිදරව් වී ඇත.

අදාළ දුරකතන සංවාද සම්බන්ධව එම දුරකතන සමාගම් විසින් වගකිවයුතු පාර්ශ්ව වෙත ලබාදී ඇති දුරකතන දත්ත වාර්තා හරහා මේ තොරතුරු අනාවරණය වී ඇති බව දැනගන්නට තිබේ. එම සිද්ධියට අදාළ සී. සී. ටී. වී. දර්ශන පැහැදිලිව තිබෙන බවට ආණ්ඩුවේ ප්‍රබලයන් මීට පෙර ප්‍රකාශ කර තිබුණද එම සී. සී. ටී. වී. දර්ශන පිළිබඳ විමර්ශනය කළ කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයනාංශය විසින් අධිකරණයට දැනුම් දෙනු ලැබ තිබුණේ ඒවා පැහැදිලි නැති නිසා විදෙස් රටකට ලබාදී ඒ පිළිබඳ විමර්ශනය කළ යුතු බවකි.

මේ සිද්ධිය අධිකරණයේ විභාග වන අවස්ථාවේදී ඇතැම් දුරකතන සමාගම් දුරකතන සංවාද පිළිබඳ වාර්තා අධිකරණයට ලබා දිය නොහැකි බව දැනුම් දී තිබුණද අදාළ දුරකතන සමාගම් විසින් එම දුරකතන සංවාද පිළිබඳ වාර්තා අදාළ බලධාරීන්ට ලබාදී ඇති නිසා සිද්ධිය සිදු වූ අවස්ථාවේ සිටි බව කියන ආරක්‍ෂක අංශ නිලධාරීන් සහ සිද්ධියට නම ගෑවී ඇති ඉහළ පෙළේ පුද්ගලයන් අතර දුරකතන සංවාද සිදුව ඇති බවට තහවුරු වන බව වාර්තා වෙයි.