FAST NEWS

24×7 Around the Globe

නිළි උපේක්ෂාගේ නිවසට ගණකාධිකාරීවරයෙකු හොරෙන් පනී.

රංගන ශිල්පිනී හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී උපේක්ෂා ස්වර්ණමාලි මහත්මියට අයත් හෝමාගම පිහිටි නිවසට අනවසරයෙන් ඇතුළු වූ බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය සමග දීර්ඝ කාලයක සිට සබඳතා පවත්වන අයෙකු බවට පරීක්ෂණවලදී අනාවරණ වී ඇති බවයි පොලිසිය පැවසුවේ

35 හැවිරිදි සැකකරු පෞද්ගලික ආයතනයක ගණකාධිකාරීවරයෙකු ලෙස සේවය කරන්නෙක්.

මූලික විමර්ශනවලින් අනතුරුව ඔහු හෝමාගම මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.