FAST NEWS

24×7 Around the Globe

සන්ධානයෙන් 7ක් එජාපයට ?

සන්ධානයේ හිටපු කැබිනට් ඇමැතිවරුන් හත් දෙනෙකු ඉදිරි මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වීමට නාමයෝජනා ඉල්ලුම් කර ඇතැයි එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග කියයි.

එම පිරිසෙන් හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට නාම යෝජනා නොදීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇතැයි ද දැන ගන්නට ඇත.

මෙම පිරිස මාතර, මහනුවර, දිගාමඩුල්ල, මාතලේ, කෑගල්ල සහ කොළඹ දිස්ත්‍රික් නියෝජනය කරන මන්ත්‍රීවරු බවයි වාර්තා වෙන්නේ.