ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්න සුපිරිම සුපිරි ක්‍රීඩකයෙක් තමා තිලකරත්න ඩිල්ෂාන් කියන්නේ.ලංකාව ක්‍රිකට් ඉතිහාසය විතරක් නෙමේ ලෝක ක්‍රිකට් ඉතිහාසයම වෙනස් කළ ක්‍රීඩකයෙක් ලෙස තිලකරත්න ඩිල්ෂාන්ව හඳුන්වා දෙන්න පුළුවන්. අපි එහෙම කියන්නේ ක්‍රිකට් පොත වෙනස් කළ “ඩීල් ස්කූප්” එක නිසා. දන්නවනේ ඒ පහරට නම තිබ්බෙත් ඔහුගේ නමේ කොටසක් අරන් කියලා. මොකද ඒ පහර ඔහු තමා ක්‍රිකට්වලට අරන් ආපු නිසා.
ඔහු ලංකාවට ඇවිත් වෙබ් අඩවියකට දුන්න ප්‍රකාශයක කුසල් ජනිත් ගැන ප්‍රකාශ කරලා තිබුනා .බලන්නකෝ ඔහු කිව්වේ මොනවාද කියලා.
ඩිල්ෂාන් දුන්න උත්තර මෙන්න මෙහෙමයි.
01. නවසීලන්ත ක්‍රිකට් සංචාරයේදි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මොකද වුනේ ?
මේ සංචාරය තමා නවකයෝ ගොඩක් සෙල්ලම් කළේ. නවසීලන්තය කියන්නේ හොඳ කණ්ඩායමක්. ඉතින් අපෙන් අතපසුවීම් වුණා. නමුත් අපේ කණ්ඩායම හොඳයි. ලෝක කුසලානයට කළින් අපිට වැරදි හදා ගන්න මේක හොඳ අවස්ථාවක්. ඒ නිසා ඉදිරියේදී හොඳ කණ්ඩායමක් අපිට හදාගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා.
02. පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානයට වර්ථමාන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් ඊට සුදුසු ද ?
ඔව් මම හිතනවා සුදුසුයි කියලා. අර මම කිව්වා වගේම වැරදි හදාගත්තාම මේක හොඳ කණ්ඩායමක් වෙයි
03. කුසල් ජනිත්ට සිදුවූ දේ ගැන ඩිල්ෂාන්ගේ අදහස මොකක්ද ?
ලකුණු අතර ඉන්න කලකේ ඇත්තටම කුසල්ට සිද්ධ වුණ දේ ගැන මටත් කණගාටුයි. වයින් විදුරුවක්වත් බොන්නේ නැති ක්‍රීඩකයෙක් ඔහු. ඒ වගේ කෙනෙකුට එහෙම දෙයක් සිද්ධ වුණා කියන්නේ හරිම පුදුමයි.මට ඇත්තටම කුසල් හම්බ උනේ නැ දුරකතනයෙන් විතරයි කතා කරේ.කුසල්ගේ තරග තහනම අඩු කරගන්න පුළුවන් වුනොත් අපිට ලොකු ශක්තියක්.මොකද කුසල් කියන්නේ අපේ ඉදිරි අනාගතය භාර දෙන්න පුළුවන් ක්‍රීඩකයෙක්.මං හිතනවා ඔහු ඉක්මනින් නිදහස් වෙලා නැවතත් අපේ රටට සේවය කරන්න වාසනාව ලැබේවි කියලා.
04. නවසීලන්ත කණ්ඩායම සමග තිබ්බ අවසන් තරගයේදි ප්‍රේක්ෂකයෙක් සමග මොකක්ද ඇති වුනු වචන හුවමාරුව ?
එක ගැන ඇත්තටම හරිම කණගාටුයි. ලංකාවේ එහෙට ගිය අයට තමන්ගේ මව් භාෂාවත් අමතක වෙන එකේ ඕක සාමාන්‍ය දෙයක්
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.