තමන් ඊයේ (10) නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ලද විස්සයි විස්ස පරාජය ගැන දුක්වන බව ශ්‍රී ලංකා නිත්‍ය විස්සයි විස්ස ක්‍රිකට් නායක ලසිත් මාලිංග සඳහන් කර සිටියි.
එසේම තමාට මෙම සංචාරය අහිමී විම පිළබඳ කණගාටුව පත්ව බවද ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායම නවක ක්‍රීඩකයන්ගෙන් පිරි පැවතියද සමබර බවද පැවසීය.
එසේම වැඩි දුරටත් අදහස් දැක්වු ලසිත් මාලිංග “කණ්ඩායම විස්සයි විස්ස කණ්ඩායම මෙම සංචාරයේදී ක්‍රීඩකයන්ගෙන් බලාපොරොත්තු වු දක්ෂතා අතරට පැමීණීයේ නෑ , අපිට වැඩි කාලයක් නැහැ ඕවර විස්සයි විස්ස ලෝක කුසලානයට , එය මාර්තු 06 ඉන්දීයාවේදි ඇරඹෙනවා, අනෙක් අතට මෙවර ඊට පෙර පෙබරවාරී 24 ඇරඹෙන අසියානු ක්‍රීකට් කුසලායක් ඔවර් විස්සයි විස්ස තරගාවලියක් ලෙසයි පැවැත්වෙන්නේ, මෙ නිසා දැන් කණ්ඩායම දුර්වලතා වහා වටහාගෙන සුදානම් විය යුතුයි ” යනුවෙන් ලසිත් මාලිංග පැවසීය.
එසේම ” ගියවර අපි බංගලාදේශයේදී ඕවර විස්සයි විස්ස ලෝක ශූරයන් වුන නිසා මෙවර එ තත්වය රැක ගැනීමට ලොකු සටනක් දිය යුතුයි , මට දුක අයි.සී.සී වර්ගීකරණයේ ප්‍රථමයා වී සිටි අප එ තත්තවය දිර්ඝ කාලයක පවත්වාගෙන ඊයේ අහිමී කර ගත්තා , අයි.සී.සී ප්‍රථමයා ලෙස ලෝක කුසලානයට ගියානම් හොඳයි , එත් හැමදාම තරග දිනන්න බැහැ , මාගේ අබාධය දැන් ක්‍රම ක්‍රමයෙන් හොඳ තත්වයට පත් වෙලා , ඉක්මනින් පුහුණුවීම් කරන්න අපේක්ෂා කරනවා , යැයිද මාලිංග පැවසීය.
එසේම මාලිංග වැඩි දුරටත් අවධාරණය කර සිටියේ තමන් ලෝක කුසලානයට යාමට පෙර අසියානු කුසලාක තරගාවලියට යෑමට සියලු වෙර වීරීය දරමීන් සිය ශාරීරික යෝග්‍යතාවය පිළිබඳ අවධානය යොමු කරන බවයි.







