ලොව පුරා රටවල මිනිසුන් සිය ගණනක් ඊයේ (10) කලිසම් නොමැතිව උමං දුම්රියේ ගමන් කර තිබේ.
ඒ කලිසම් නැතිව උමං දුම්රියේ ගමන් කීරීමේ දිනය වෙනුවෙනුයි.
වසර 2002 නිව් යෝක් නගරයෙන් ආරම්භ වූ මේ අපූරු දුම්රිය ගමන සඳහා පළමුව සහභාගී වී ඇත්තේ ‘ඉම්පෲව් එව්රිවෙයා’ නැමති කණ්ඩායමේ සාමාජිකයින් 7දෙනෙක් පමණයි.
එහෙත් මේ වනවිට ඒ සඳහා ජර්මනිය, චෙක් රාජ්‍ය සහ එංගලන්තය ඇතුළු රටවල් 60ක ජනතාව සහභාගී වෙයි.
පසුගිය වසරේදී නිව් යෝක් නුවර වැසියන් පමණක් 4000ක් මේ සඳහා එක්ව තිබේ.
ශීත සෘතුවේදී යෙදෙන මෙම දිනය සඳහා සහභාගී වන මගීන් හිම කබා , තොප්පි ඇතුළු අනෙකුත් සියළුම අඳුම ඇඳ සිටියද කලිසම පමණක් ඇඳීමෙන් වැළකී සිටියි.
පහත දැක්වෙන්නේ ලොව පුරා විවිධ නගර වල වැසියන් කලිසම් නැතිව උමං දුම්රියේ ගමන් කීරීමේ දිනය සඳහා එක්වූ ආකාරයයි.










