FAST NEWS

24×7 Around the Globe

ලිංගික උත්තේජක කෝපි සහ චුයිම්ගම් පළමුවරට ලංකාවෙන් සොයාගනී.

ලිංගික උත්තේජනයට යොදා ගන්නා බව කියන කෝපි පැකැට් සහ චුයිම්ගම් විශේෂයක් සමඟ ගබ්සා පෙති සහ වේදනා නාශක පෙති තොගයක් ළඟ තබාගෙන සිටියදී ඉකුත්දා (7දා දහවල් පමුණුගම ප‍්‍රදේශයේ නිවෙසකදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයකු රුපියල් 25,000ක මුදල් ඇපයක් සහ ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහැරීමටත් අනෙක් සැකකරු අද (11දා දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටත් මීගමුව මහෙස්ත‍්‍රාත් ඞී. එම්. සී. එම්.ධනංසූරිය මහත්මිය නියම කළාය.

අත්අඩංගුවට ගෙන ඇති මෙම කෝපි පැකැට් තොගය සහ චුයිංගම් විශේෂය ලිංගික උත්තේජනයක් ලෙස මෙරට තුළ භාවිතයට ගන්නා බවට තොරතුරු අනාවරණය වන මුල්ම අවස්ථාව මෙය විය හැකි බවද ගම්පහ දිස්ත‍්‍රික් ඖෂධ පරීක්ෂක නීතිඥ බණ්ඩාර මහතා පැවැසීය.
හොර රහසේ වෙළෙඳපොළට යැවීම සඳහා මෙම ඖෂධ තොගය ළඟ තබාගෙන සිටියදී මීගමුව කොට්ඨාසයේ විස මත්ද්‍රව්‍ය ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ආනන්ද හේරත් මහතාට ලැබුණු ඔත්තුවකට අනුව මෙම වැටලීම සිදු කර ඇත.

මෙම ඖෂධ තොගයේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් ලක්ෂ 15ක් පමණ වන නමුත් ඊට වඩා වැඩි මිලකට මේවා අලෙවි කරන බවටද තොරතුරු අනාවරණය වන බවද ආහාර හා ඖෂධ පාලන අධිකාරියේ නිලධාරියෙකු පැවැසීය.