FAST NEWS

24×7 Around the Globe

ඇන්ජලීනා පවුල් පිටින්ම කුංෆු පැන්ඩා 3 චිත්‍රපටයට.

ජනප්‍රිය හොලිවුඩ් නිළි ඇන්ජලීනා ජෝලිගේ දරුවන් කිහිප දෙනෙක් කුංෆු පැන්ඩා 3 චිත්‍රපටය සඳහා හඬ කැවීමෙන් දායක වීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව පැක්ස්, සහාරා, ෂිලෝ සහ නොක්ස් එම චිත්‍රපටයේ එන පැන්ඩා ගමේ සාමාජිකයින්ගෙන් කිහිප දෙනෙක් සඳහා සිය හඬ ලබා දෙනවා ඇත.

එම චිත්‍රපටයේ එන කොට් රණශූරිය වන ටයිග්‍රස්ගේ චරිතය සඳහා ඇන්ජලීනා හඬ කවයි.

මීට පෙරද ඇගේ දරුවන් විවිධ චිත්‍රපට සඳහා දායක වී ඇති නමුත් 7 හැවිරිදි නොක්ස් එවැනි කටයුත්තකට දායක වන පළමු අවස්ථාව මෙය බව පැවසේ.

වාර්තා වන අන්දමට ඇන්ජලීනා රංගන දායකත්වය ලබාදුන් ‘මැලෙෆිසන්ට්’ චිත්‍රපට්යේ කෙටි රංගන සඳහා පැක්ස් සහ සහාරා එක්වී ඇති අතර ෂිලෝ සහ මැඩොක්ස් ඔවුන්ගේ පියා වන බ්‍රැඩ් පිට් සමඟ ‘කියුරියස් කේස් ඔෆ් බෙන්ජමින් බට්න්’ සහ ‘වර්ල්ඩ් වෝ සී’ සඳහා එක්ව තිබේ.