FAST NEWS

24×7 Around the Globe

ඕස්ට්‍රේලියාවේ මහා ලැව් ගින්නක්.

බටහිර ඕස්ට්‍රේලියාවේ ඇති වී තිබෙන මහාලැව් ගින්නකින් නිවාස සහ ව්‍යාපාරික ස්ථාන රැසක් විනාශයට පත් වී තිබේ.

පර්ත් නුවරට දකුණු දෙසින් යාලූප් නගරය ආසන්නයේ ගොඩනැගිලිවලට එහි දී වැඩිම හානියක් සිදු ව ඇත.

පැයට කිලෝමීටර් 60 ක් පමණ සුළං තත්ත්වයක් පැවතීම හේතුවෙන් මෙම ලැව්ගිනි මීටර් 50 ක් පමණ ඉහළට විහිදුණු බව වාර්තා වේ.

අවම වශයෙන් නිවාස 60 ක් පමණ ගිනිබත් වී ඇති අතර නගරයේ කර්මාන්තශාලා කිහිපයක් ද ගින්නට හසු වී තිබේ.