1st news
බිග් බෑෂ් තරඟාවලිය අතරතුරදී බටහිර ඉන්දීය කොදෙව් සුපිරි ක්‍රීඩක ක්‍රිස් ගේල් ක්‍රීඩා කොට දැවී යාමෙන් අනතුරුව “නෙට්වර්ක් 10” රූපවාහිනියේ නිවේදිකාවක් විසින් ඔහුගෙන් සම්මුඛ සාකච්චාවක් ලබාගැනීමේදී ඔහු පලකළ අදහස් සම්බන්ධව මේවනවිට ක්‍රීඩා ලෝලීන්ගේ දැඩි විරෝධයක් එල්ලව තිබෙනවා.
Mel McLaughlin නම් මෙම නිවේදිකාව ක්‍රිස් ගේල් ගෙන් තරගය පිළිබඳ විමසු අවස්ථාවේ ඇය නිදහසේ හමුවීමට කැමති බව ප්‍රකාශ කොට තිබෙනවා.
ඔවුන් අතර ඇතිවූ දෙබස විදෙස් මාධ්‍ය වාර්තා කොට තිබුනේ මෙසේයි.
මට ඕන වෙලා තිබුනේ ඔයත් එක්ක සම්මුඛ සාකච්චාවක් ලබාගන්නයි..ඒකටයි මම අද ආවේ..ඔයාගේ ඇස් මුල්වරට මම දැක්කේ..ඔයාගේ ඇස් හරි ලස්සනයි..මේ තරගය අපි දිනුවට පස්සේ අපිට එකට බොන්න පුළුවන්..ලැජ්ජා වෙන්න එපා කෙල්ලේ..
[youtube url=”https://www.youtube.com/watch?v=lnLHUr60HK0″ width=”560″ height=”315″]
2nd news
මෙවර බිග් බෑෂ් පන්දුවාර විස්ස තරගාවලියට ක්‍රීඩා කරන බ.ඉ.කොදෙව් කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරු ක්‍රිස්ගේල්ට ඩොලර් දසදහසක (රුපියල් මිලියන 1.4) ක දඩයක් පැනවීමට එහි තරග සංවිධායකයන් තීරණය කර ඇත.
ඒ තරගාවලියේ හෝබාට් හරිකේන්ස් හා මෙල්බර්න් රෙනගේඩ්ස් අතර තරගය අතරතුරදී රූපවාහිනී නිවේදිකාවකට අවිනීත අන්දමින් ආමන්ත්‍රණය කිරීම හේතුවෙනි.
කෙසේ වෙතත් මේ පිළිබඳව පසුව අදාළ නිවේදිකාවගෛන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලීමටද ගේල් කටයුතු කර ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය පවසන්නේ, ක්‍රීඩකයන් පිටිය තුළදී විනීත අන්දමින් හැසිරිය යුතු බවයි.
3rd news
ක්‍රිස් ගේල් ගැන මහේල මොනවාද කිව්වේ.
මේ පිළිබද අදහස් දක්වන මහේල ජයවර්ධන පවසන්නේ ”ගේල්ට තමාව පාලන කරගත නොහැකි බවයි.එමෙන්ම වේගවත්ව ක්‍රීඩා කරන කොදෙව්වන් වෘත්තීය මට්ටමමෙන් කටයුතු කලයුතු බවයි.එමෙන්ම මම ක්‍රිස් ගේල්ව ගොඩක් කාලයක් සිට දන්නා බවත් ඔහු හොද විනෝදජනක ක්‍රීඩකයෙකු බවයි මහේල වැඩිදුරටත් පවසන්නේ









