FAST NEWS

24×7 Around the Globe

සුරූපී මැක්ලාෆ්ලින් නිවේදිකාව ක‍්‍රිස් ගේල්ව රාත‍්‍රීයේදී හමුවුනාද?

ක‍්‍රිකට් ක‍්‍රීඩක ක‍්‍රිස් ගේල් පසුගියදා චැනල් 10 නාලිකාවේ ක‍්‍රීඩා නිවේදිකාවකට අයුතු කථාබහක් සිදු කළ පසුව එම නිවේදිකාව ගැන විදෙස් මාධ්‍ය අතර උණුසුම් අවධානයක් ඇතිව තිබේ.

ඇතැමුන් ඇගේ ඡායාරූප හා ගේල්ගේ ඡායාරූප එකට මුසුකර ඔවුන් එදා රාත‍්‍රී එකට හමුවූ බවටද ව්‍යාජ සාක්ෂි විනෝදයට නිර්මාණය කර ඇත.
මෙලනි හෙවත් මෙල් යන නමින් හඳුනක්වන 35 හැවිරිදි මෙම නිවේදිකාව සේවය කරන්නේ ඕස්ටේ‍්‍රලියාවේ චැනල් 10 නාලිකාවටය. ඇය ඊට පෙර ෆොක්ස් නාලිකා ජාලයටද සම්බන්ධව සිටියාය. ඇය ක‍්‍රිකට් පමණක් නොව පිහිනුම් තරගද වාර්තා කරන අතර පසුගිය ඔලිම්පික් තරගාවලියේද නිවේදිකාවකි. 2014 වසරේ ඇයට දරුනු ලෙස ඩෙංගු රෝගය වැළඳීම නිසා ක‍්‍රීඩා ලෝකයේ කථාබහක් ඇති කළ අතර මෙම වසර ආරම්භයේදීම ඇය නැවත කතාවට ලක්වුනේ ගේල්ගේ සිද්ධිය නිසාය.
පහත පළමුවැන්න ව්‍යාජ ලෙස ගේල් හා මැල් එක්කර තැනූ ඡායාරූපයකි.