FAST NEWS

24×7 Around the Globe

සිංහ ලේ සංවිධානයට එරෙහිව නව සංවිධානයක්?

සිංහ ලේ සංවිධානයට එරෙහිව මනුසත් ලේ නමින් නව සංවිධානයක් මේ වන විට ආරම්භ වී තිබෙනවා.

මනුසත් ලේ සංවිධානය පවසන්නේ මෙතෙක් සමාජයට අනාවරණය නොවූ කාරණා රැසක් සමාජගත කරන්නට සිය සංවිධානය අරමුණු ඇතිව පසුවන බවයි.

කලක් තිස්සේ සමාජ වෙබ් අඩවිවල දැවැන්ත සංවාදයක් ඇති කළ ‘සිංහ ලේ’ නාමය හිමි කණ්ඩායම ඊයේ (06) පළමු වරට මාධ්‍ය ඉදිරියේදී පෙනී සිටියා. කලක් වෙනත් බොදු සංවිධානයක් නියෝජනය කළ පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් නව සංවිධානයේ මහලේකම් ධුරය දරනවා.

මේ අනුව මනුසත් ලේ සංවිධානයද අද (07) මාධ්‍ය හමුවක් කැඳවා තිබෙනවා.

මනුසත් ලේ සංවිධානය පෙන්වා දෙන්නේ මිනිසුන්ගේ ශරීරයේ තිරිසන් ලේ තිබිය නොහැකි බවත් මිනිසුන්ගේ ශරීරයේ ඇත්තේ මනුසත් ලේ පමණක් බවයි.