FAST NEWS

24×7 Around the Globe

පකිස්ථාන අග්‍රාමාත්‍ය නවාෂ් ෂරීෆ් දළදා මාලිගාවට.

ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක නිරතව සිටින පකිස්ථාන අග්‍රාමාත්‍ය නවාෂ් ෂරීෆ් මහතා අද මහනුවර දළදා මාලිගාව වැඳපුදාගැනීමට නියමිතව තිබේ.

ඉන් අනතුරුව ඔහු මීරා මක්කම් මුස්ලිම් දේවස්ථානය වැඳපුදාගැනීමට ද නියමිතය.

එමෙන්ම පේරාදෙණිය උද්භිත උද්‍යානයේ පැලයක් රෝපණය කිරීමට ද නියමිත අතර පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා අද පස්වරුවේ  දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.