ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක නිරතව සිටින පකිස්ථාන අග්‍රාමාත්‍ය නවාෂ් ෂරීෆ් මහතා අද මහනුවර දළදා මාලිගාව වැඳපුදාගැනීමට නියමිතව තිබේ.
ඉන් අනතුරුව ඔහු මීරා මක්කම් මුස්ලිම් දේවස්ථානය වැඳපුදාගැනීමට ද නියමිතය.
එමෙන්ම පේරාදෙණිය උද්භිත උද්‍යානයේ පැලයක් රෝපණය කිරීමට ද නියමිත අතර පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා අද පස්වරුවේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.








