FAST NEWS

24×7 Around the Globe

කුඩු පැකට් සොයන්න මහරගම පොලිසිය කතගේ තනපට ගලවලා.

තනපටයේ සඟවා ගනිමින් මත් කුඩු ජාවාරමේ යෙදුණු මහරගම පැරකුම් මාවතේ පදිංචි හතළිස් අට හැවිරිදි කාන්තාවක් මහරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම කාන්තාව මත් කුඩු පැකට් සිය තනපටයේ සඟවා ගෙන ගැනුම්කරුවන්ට අලෙවි කරනු පොලිස් නිලධාරීන් අනාවරණය කරගෙන ඇති අතර පසුව පොලිස් කාන්තා නිලධාරිනියක් ලවා ඇගේ උඩු කය නිරාවරණය කර සිදුකළ පරීක්ෂාවේදී මත්කුඩු පැකට් සොයා ගනු ලැබුවා.

අනතුරුව සිදුකළ විමර්ශනයේදී මෙම සැකකාර කාන්තාව මත්කුඩු අලෙවි ජාලයකට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වූ නිසා රඳවා ගැනීමේ නියෝග මත ප්‍රශ්න කිරීමට මහෙස්ත්‍රාත්වරයා විසින් පොලිසියට අවසර ලබාදුන්නා.