අනේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් (NRFC) සහ නේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් (RFC)වල මුදල් නැවත ගැනීමේ දී පැවැති විනිමය බාධාවන් මුළුමනින්ම ඉවත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.
මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ඊයේ (04) කොළඹ මහ බැංකු මූලස්ථානයේ දී පැවැති ප්රවෘත්ති සාකච්ඡාවක දී මේ බව සඳහන් කර තිබේ.
ඒ අනුව එම ගිණුම්වල පවතින මුදල් නැවත ගැනීමේ දී මින් ඉදිරියට බැංකු විසින් කිසිදු ප්‍රශ්න කිරීමක් නොකරන බව ද මේ තීරණය මේ සතියේ අග සිට ක්‍රියාත්මක කරන බව ද මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේ ය.






