FAST NEWS

24×7 Around the Globe

ක්‍රිස් ගේල්ගෙන් නිවේදිකාවට අයුතු යෝජනාවක් (වීඩියෝ)

බිග් බෑෂ් තරඟාවලිය අතරතුරදී බටහිර ඉන්දීය කොදෙව් සුපිරි ක්‍රීඩක ක්‍රිස් ගේල් ක්‍රීඩා කොට දැවී යාමෙන් අනතුරුව “නෙට්වර්ක් 10” රූපවාහිනියේ නිවේදිකාවක් විසින් ඔහුගෙන් සම්මුඛ සාකච්චාවක් ලබාගැනීමේදී ඔහු පලකළ අදහස් සම්බන්ධව මේවනවිට ක්‍රීඩා ලෝලීන්ගේ දැඩි විරෝධයක් එල්ලව තිබෙනවා.

Mel McLaughlin නම් මෙම නිවේදිකාව ක්‍රිස් ගේල් ගෙන් තරනගය පිළිබඳ විමසු අවස්ථාවේ ඇය නිදහසේ හමුවීමට කැමති බව ප්‍රකාශ කොට තිබෙනවා.

ඔවුන් අතර ඇතිවූ දෙබස විදෙස් මාධ්‍ය වාර්තා කොට තිබුනේ මෙසේයි.

මට ඕන වෙලා තිබුනේ ඔයත් එක්ක සම්මුඛ සාකච්චාවක් ලබාගන්නයි..ඒකටයි මම අද ආවේ..ඔයාගේ ඇස් මුල්වරට මම දැක්කේ..ඔයාගේ ඇස් හරි ලස්සනයි..මේ තරගය අපි දිනුවට පස්සේ අපිට එකට බොන්න පුළුවන්..ලැජ්ජා වෙන්න එපා කෙල්ලේ..

එහි වීඩියෝව බලන්න පහතින්.

[youtube url=”https://www.youtube.com/watch?v=s3ORBr_Q9qs” width=”560″ height=”315″]