FAST NEWS

24×7 Around the Globe

කොළඹ ගුවන් මාර්ග ඉදිවෙන තැන් මෙන්න.

කොළඹ කොටුව හා තදාසන්න නගර කිහිපයක් යාකරමින් ගුවන් මාර්ග කිහිපයක් ගොඩනැගීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි වාර්තා වේ.

මහනගර සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යංශය එක්ව මෙහි වැඩකටයුතු මේ වසරේදී ආරම්භ කිරීමට නියමිත බව පැවසේ.

එහි පළමු අධිවේගී මාර්ගය කොළඹ කොටුව හා අතුරුගිරිය යා කරමින් ඉදිකිරීමට නියමිතය.

එහි දිග කිලෝමීටර් 21.6ක් බවත්, එම මාර්ගය අතුරුගිරිය, මාලඹේ, බත්තරමුල්ල, රාජගිරිය, දෙමටගොඩ හා ඔරුගොඩවත්ත හරහා කොළඹ කොටුවට යාවන බව වාර්තා වේ.

මෙහි තවත් කොටසක් ලෙස අතුරුගිරිය හා කටුනායක අධිවේගී මාර්ගයක්ද තැනීමට නියමිතය.

මේ ව්‍යාපෘතියේ ඇස්තමෙන්තුව බිලියන 130ක් බවද පැවසේ