FAST NEWS

24×7 Around the Globe

අසභ්‍ය දර්ශන අන්තර්ජාලයෙන් ඉවත් වේද?

”අපි අපේ ළමුන් රැකගමු” යන තේමාව යටතේ ජංගම දුරකථනවල ඇති අසභ්‍ය දර්ශන හා අන්තර්ජාල සම්බන්ධතා අවහිර කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කරන අත්සන් දස ලක්ෂයකින් යුතු පෙත්සමට අත්සන් කිරීම පෙරේදා (02) අනුරාධපුර රුවන්වැලි සෑරදුන් අබියසදී පැවැත්වුණි.

සමාජ සත්කාර පදනමේ සභාපති කේ. එච්. සංජීව ධම්මික හේමසිරි මහතා ඇතුළු සාමාජික පිරිසක් මෙය සංවිධානය කර තිබුණි.
ශ‍්‍රී ලංකාවේ දැනට ක‍්‍රියාත්මක වන ජංගම දුරකථන සමාගම් මගින් (3ජී) පහසුකම් සහිත ජංගම දුරකථන සඳහා අන්තර්ජාල සම්බන්ධතාව ලබා දී ඇති නමුත්, අන්තර්ජාලයේ අසභ්‍ය දර්ශන මිලියන ගණනක් අන්තර්ගත වී ඇති බව ධම්මික හේමසිරි මහතා පැවසුවේය. දරුවන් සමග කරන ලිංගික ක‍්‍රියා, ඉතා මහලූ ගැහැනු සහ පිරිමින් සමග කරන ලිංගික ක‍්‍රියා, සතුන් සමග කරන ලිංගික ක‍්‍රියා, එකම පවුලේ සහෝදර සහෝදරියන් අතර කෙරෙන ලිංගික ක‍්‍රියා හා සමලිංගික ක‍්‍රියා ආදිය අන්තර්ජාලයේ ඇති වෙබ් අඩවිවල තිබෙන නිසා ඒවා නැවැත්වීමට කටයුතු කළ යුතු බව සමාජ සත්කාර පදනමේ අදහස වී තිබේ.