ප්‍රබල ඇමැති ධුර කිහිපයක වෙනසක් සිදු කරමින් ඉදිරි දෙසතිය තුළ කැබිනට් සංශෝධනයක් සිදු කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පවසයි.
මෙහිදී කොළඹ දිස්‌ත්‍රික්‌කය නියෝජනය කරන ප්‍රබල ඇමතිවරුන් දෙදෙනකුගේ ඇමතිධුර වෙනුවට වෙනත් ඇමැතිධුර ලබා දීමට නියමිතය. මේ ඇමතිවරු දෙදෙනා පසුගිය කාලයේ විවිධ චෝදනාවන්ට ලක් වූහ. එම එක් ඇමතිවරයකුගේ ඇමතිධුරය එක්‌සත් ජාතික පක්‍ෂයේ ප්‍රධාන තනතුරක් දරන කෑගල්ල දිස්‌ත්‍රික්‌කය නියෝජනය කරන ඇමතිවරයෙකුට හිමිවීමට නියමිතය.
එසේම පසුගිය කාලයේ ඇමති ධුරයෙන් ඉල්ලා අස්‌වූ තිලක් මාරපන මහතාට මෙවර ප්‍රබල ඇමති ධුරයක් හිමිවීමට නියමිතය.
මාතර දිස්‌ත්‍රික්‌කය නියෝජනය කරන ප්‍රබල ඇමතිවරයෙකුගේ ඇමති ධුරයද වෙනස් කරන්නට නියමිත අතර එම ඇමති ධුරය කොළඹ දිස්‌ත්‍රික්‌කයේ ඇමතිවරයෙකුට හිමි වනු ඇත.
තමාගේ ඇමැති ධුරය වෙනස් කරන්නේ නම් තමාට වරාය ඇමතිධුරය හෝ නාගරික සංවර්ධන ඇමති ධුරය අවශ්‍ය බව මාතර දිස්‌ත්‍රික්‌කය නියෝජනය කරන ඇමතිවරයා ආණ්‌ඩුවේ ප්‍රධානීන්ට දන්වා ඇත. යම් ලෙසකින් එලෙස වෙනස් කරන්නේ නම් ක්‍රීඩා ඇමති ධුරයේද වෙනසක් සිදු කරන්නට බොහෝ දුරට ඉඩ ඇතැයි පැවසේ.
මේ අතර මෙවර කැබිනට් සංශෝධනයේදී තොණ්‌ඩමන් හා ඩග්ලස් දේවානන්දා යන සුළු ජාතික පක්‍ෂ නායකයන්ටද කැබිනට් ඇමති ධුර ලබාදීමට නියමිතය.
මේ අතර ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු තිදෙනකුට නියෝජ්‍ය ඇමතිධූර හා රාජ්‍ය ඇමතිධුර ලබාදීමටද නියමිතය.
ගාල්ල දිස්‌ත්‍රික්‌කය නියෝජනය කරන දෙදෙනකු හා බදුල්ල දිස්‌ත්‍රික්‌කය නියෝජනය කරන මන්ත්‍රීවරුන් තිදෙනකුට මෙලෙස තනතුරු හිමිවනු ඇත.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.