FAST NEWS

24×7 Around the Globe

සෙල්ෆි ගැනීමට ගොස් ලොරියට යට වෙලා (VIDEO)

සෙල්ෆි ඡායාරූප ගැනීමට උත්සහගත් තුර්කි පිරිමි ළමුන් දෙදෙනෙකු ගුවන්තොටුපලක් අසල පිහිටි මහා මාර්ගයක දී ලොරියකට යටවීමෙන් මියගොස් තිබේ.

ඔවුන් දෙදෙනා මහා මාර්ගයේ මැද සිටිමින් ගොඩබැස්වීමට තිබු ගුවන්යානයක් සමග සෙල්ෆි ඡායාරූප ගැනීමට උත්සාහ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සදහන් වේ.

වයස අවුරුදු 17 සහ 19 හැවිරිදි මෙම පිරිමි ළමුන් දෙදෙනා තවත් ළමුන් තිදෙනෙකු සමග විනෝද චාරිකාවක් යමින් සිටිය දී මෙලෙස ඡායාරූප ගැනීමට උත්සහ දරා තිබේ.

එම අවස්ථාවේ මාර්ගය අවට පැවති අඳුරු වාතාවරණය ලොරි රථ රියදුරාට මෙම පිරිස නොපෙනීයාමට හේතු වී තිබේ.

මෙම ළමුන් පිරිස අනතුර සිදුවන අවස්ථාවේ දී මත්පැන් පානය කර සිට ඇති බව ද අනාවරණය වී ඇත.

වීඩියෝව පහතින්.

[youtube url=”https://www.youtube.com/watch?v=zlqNeTjIyYc” width=”560″ height=”315″]