කුසල් ජනිත් සහ රංගන හේරත් යන කි‍්‍රකට් කී‍්‍රඩකයින් තරග පාවාදීමට පොළඹවා ගැනීමට උත්සහ කළ දෙදෙනෙකු සම්බන්ධයෙන්, තමන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිලි කළ බව කි‍්‍රඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.
කී‍්‍රඩා අමාත්‍යංශයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පුහුණුවීම්වලට සහාය දෙන පුද්ගලයින් දෙදෙනෙකු සම්බන්ධයෙන් තමන් මෙලෙස පැමිණිලි කළ බවයි.
තරග පාවාදීමේ පනත් කෙටුම්පත නුදුරේම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තමන් බලාපොරොත්තු වන බවද කී‍්‍රඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මෙහිදී කියා සිිටියා.









