අමායා අධිකාරි දක්ෂ නිරූපිකාවක් උනත් ඇයව හැමදෙනාම දැන අදුන ගත්තේ අතුල අධිකාරිගේ දෙවන බිරිද ලෙසයි. ගායිකා සමිතා එරන්දතී මුදුන්කොටුවත් සමග තිබුන විවාහය අවසන් කරමින් අතුල අමායා අධිකාරිව විවාහ කරගත්තා. කෙසේ වෙතත් පසුගියදා තොරතුරු වාර්තා වූයේ අතුල එම විවාහයද අවසන් කොට ඇති බවයි. අමායා දැන් නිරූපිකාවක් මෙන්ම නිවේදිකාවක් ලෙස කටයුතු කරන අතර පසුගියදා හිරුත් එක්ක නත්තල් වැඩසටහනේදී ඇය සැරසී සිටි ගවුමට ප‍්‍රථම ස්ථානයද හිමිවුනා.
අමායා තම පපු ප‍්‍රදේශයේ ටැටූ එකක් සටහන් කොටගෙන ඇති අතර එහි සටහන්ව ඇත්තේ ‘Only God Can Judge me’ ලෙසයි. ඇයගේ හිතවතුන් පවසන්නේ එය පුද්ගලයෙක්ට රිදෙන්නට කල දෙයක් බවයි. එය කාට හින්ට් එකක් ලෙස සටහන් කරගත් එකක්ද යන්න අමායා මේ වෙන තෙක් සදහන් කර නැහැ.











