FAST NEWS

24×7 Around the Globe

ඇදගෙන යා හැකි සී.එස්.එන්. මැදිරියක් නාරාහේන්පිටින් මතු වේ.

සී.එස්.එන්. නාළිකාව පිළිබඳ පරීක්ෂණ පවත්වන මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කොළඹ නාරාහේන්පිට ගබඩාවක සඟවා තිබූ රුපියල් කෝටි දෙකක් වටිනා අඩි 40ක් දිග ජංගම විකාශන රථයක් ඊයේ සොයාගන්නා ලදී.

කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත එම සැකකටයුතු ගබඩාව ඊයේ දහවල් පරීක්ෂා කර මේ ජංගම විකාශන රථය සොයාගත් බව උසස් පොලිස් නිලධාරියකු පැවැසීය. මේ ජංගම විකාශන මැදිරිය තවත් රථයකින් ඇදගෙන යා හැකි බවද පොලිසිය පැවැසීය. එම රථය මූල්‍ය අපරාධ කොට්ඨාසමේ විමර්ශන නිලධාරීන් විසින් සොයා ගැනීමෙන් පසු යළි එය එම ගබඩාවේම තබා මුද්‍රා තබන ලද බවද එම උසස් පොලිස් නිලධාරියා පැවැසීය. ඒ පිළිබඳ අද යළි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට නියමිතය.