FAST NEWS

24×7 Around the Globe

ටි. එම් ඩිල්ෂාන් සනත් ජයසුරිය සතුව තිබු වාර්තාවක් බිඳ හෙළයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් අද නවසීලන්තය සමග පැවති තෙවන එක්දින තරඟයේදි (31) නව වාර්තාවක් පිහිටුවීමට සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු  එක් වසරක් තුළ එක්දින තරගවලදී රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින් ඩිල්ෂාන් මෙම වාර්තාව පිහිටුවිය.

ඩිල්ෂාන් මේ වන විට 2015 වසරේදී  ලකුණු 1207 ක් රැස් කර ගැනීමට සමත් වි ඇත.

ඩිල්ෂාන් මෙලෙස සිය නම ඉදිරියේ සටහන් කර ගනු ලරබුවේ 2001 වසරේ සනත් ජයසූරිය විසින් ලකුණු 1202ක් රැස් කරමින් පිහිටුවා තිබූ වාර්තාවය.