FAST NEWS

24×7 Around the Globe

නිළි විද්‍යා බාලන් නිසා ගුවන් යානය හදිසියේ ගොඩබස්වලා.

නව වසරේ සතුටත් එක්ක තමන්ගේ උපන්දිනයත් එදාට යෙදිලා තිබ්බොත් කොහොමද ? මේ විදිහේ සතුට දනවන කාරණා දෙකටම හිමිකම් කියන්න පුළුවන් කෙනෙක් තමයි බොලිවුඩයේ ජනප්‍රිය නිළි විද්‍යා බාලන් කියන්නේ.

අද රෑ ඒ වගේ සතුටක් ලබන්න තමන්ගේ සැමියත් එක්ක විදේශගත වෙන්න කියලා ගුවන් යානයකින් යමින් හිටපු විද්‍යා බාලන්ට හිතපු නැති විදිහේ සිද්ධියකට මුහුණ දෙන්න වුණා.

ඒකට හේතුව වුනේ ගුවන් යානයේදි විද්‍යාට එකපාරටම කොන්ද ආශ්‍රිත ප්‍රදේශයේ දැඩි වේදනාවක් ඇතිවීමයි. මේ වේදනාව දරාගන්න බැරිවුන විද්‍යා හුඟක් හඬලා තියෙනවා. ඉතිං ඒ වෙලාවේ ගුවන් සේවක සේවිකාවන් වගේම ගුවන් නියමුවන් ගත්තු තීරණයකට අනුව යානය හදිසියේම ගොඩබස්සලා තියෙනවා.

මෙයාලා ඉන්දියාවේ ඉදලා තමන්ගේ ගමනාන්තය දක්වා යන අතරතුරේ සිදුවන ගුවන් හුවමාරුව වෙනුවෙන් අබුඩාබි වලට ගියාට පස්සේ එතන ඉදලා ආයිමත් ගමනාන්තයට යනකොට තමයි මේ සිද්ධියට මුහුණදීලා තියෙන්නේ. කොහොම වුනත් නැවතත් අබුඩාබි වලට ආපු විද්‍යාබාලන්ව ඉක්මනටම රෝහල් ගත කළා. ඒ වෙලාවේ ඇයව පරීක්ෂා කරපු දොස්තරවරු කියලා තියෙන්නේ කොන්ද ආශ්‍රිත වේදනාව ආවට විද්‍යාවට තියෙන්නේ වකුගඩුවල ගල් සැදීමක් කියලයි.

අවසානයේ මේ පිළිබදව තමන්ගේ රටටම ගිහින් පූර්ණ පරීක්ෂනයක් කරන්න විද්‍යා වගේම ඇගේ සැමියත් තීරණය කළා. ඒ තීරණයට අනුව ඔවුන් ඉන්දියාවට ඇවිත් මුම්බායේ හින්දුජා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.

කොහොමවුනත් මේ වෙනකොට විද්‍යා සුවතත්ත්වයේ පසුවෙනවා කියලයි ඉන්දීය මාධ්‍ය කියන්නේ.