FAST NEWS

24×7 Around the Globe

දෙමහල් බස් රථයක ගමන් කරන්න කැමති අයට 138 බස් පාරට එන්න

මෙරට පෞද්ගලික මගී ප්‍රවාහන සේවයට දෙමහල් බස් රථයක් එක් කිරීම පෞද්ගලික බස් හිමිකරුවෙක් ඉදිරිපත්ව සිටී. මෙය ශ්‍රී ලංකාවේ පුද්ගලික බස් හිමිකරුවකු ‍පොදු මගී ප්‍රවාහනය සඳහා යොදවන පළමු තට්ටු දෙකේ බස් රථය ද වන අතර, මෙය මාර්ග අංක 138 යටතේ කොට්ටාව සිට පිටකොටුව දක්වා දෛනිකව සේවයේ යෙදවීමට නියමිතය. මෙම බස් රථයේ සාමන්‍ය බස් රථ ගාස්තු අයකරනු ලැබේ.

පන්නිපිටිය කුමාර මෝටර්ස් අධිපති ජනක කුමාර ඇල්විටිගල මහතා මෙම මගී බස් රථය යොදවා ඇත.