FAST NEWS

24×7 Around the Globe

පැරදුනු වේදනාවට ජයග්‍රාහිකාවගේ දියණිය දුෂණය කරලා

නැගෙනහිර ඉන්දියාවේ ප්‍රාදේශීය මැතිවරණයකින් කාන්තාවක් ජයග්‍රහණය කිරීමට පළි ගැනීමක් වශයෙන් ඇයගේ දියණිය දුෂණය කිරීමේ සිද්ධියක වාර්තා වෙයි.

විදෙස් වාරතා පැවසුවේ පසුව එම දැරිය සියදිවි හානිකරගෙන ඇති බවයි.
කෙසේ වෙතත් ඒ සම්බන්ධ සැකකරුවන් සොයා මේ වන විට එරට ආරක්ෂක අංශ විමර්ශණ ආරම්භ කර තිබේ.
අදාළ කාන්තාවගෙන් පළි ගැනීමක් වශයෙන් සැකකරුවන් 14 හැවිරිදි දැරියකි දුෂණය කර ඇත්තේ.
නිදාසිටි දැරිය පැහැරගෙන ගොස් අසල තිබු කුඹුරකදී සැකකරුවන් ඇය අපයෝජනයට කර ඇති අතර මෙම සිද්ධිය පිළිබඳ තොරතුරු ලැබු ඇයගේ දෙමව්පියන් දුෂණයට ලක්වු දැරිය තනිව නිවසේ නවතා පොලිසියට ගොස් ඇත්තේ පැමිණිල්ලක් කිරීම සඳහායි.
එහෙත් යළි ඔවුන් නිවසට පැමිණෙන විට දැරිය නිවසේ කාමරයක් තුල එල්ලී මියගොස් තිබේ.
සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට නොමැති බව සඳහන්.
මැතිවරණයෙන් පරාජයට පත්වු අපේක්ෂකයකුගේ ආධාරකරුවන් දෙදෙනෙකු මෙම සිද්ධියට සම්බන්ධ බවට හෙළිව ඇතැයි ද සදහන්.