එක්සත් ජාතික පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මියට එල්ල වී ඇති චෝදනා තහවුරු වුවහොත් පක්ෂයක් ලෙස ඇයට එරෙහිව විනයානුකූලව පියවර ගැනීමට කිසිසේත් පසුබට නොවන බව එ. ජා. ප. මහ ලේකම්, අමාත්‍ය කබීර් හෂීම් මහතා අවධාරණය කරයි.
මන්ත්‍රිවරිය වරදක් සිදුකර ඇත්නම් ඇය ආරක්ෂා කිරීමට පක්ෂය, පක්ෂ නායකයා හෝ පක්ෂයේ සෙසු නායකයන් කිසි විටෙක කටයුතු නොකරන බවත්, ඇය පිළිබඳව තොරතුරු අනාවරණය කිරීමට මාධ්‍යයට පූර්ණ නිදහස ලබාදී ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.
පසුගිය කාලයේ මෙන් නිලධාරීන් ගස් බැඳීම, ගුරුවරියන් දණ ගැස්වීම වැනි ක්‍රියා රනිල් – මෛත්‍රි ජාතික රජය යටතේ සිදු නොවන බව සඳහන් කරන අමාත්‍යවරයා භාරත පේ‍්‍රමචන්ද්‍ර ඝාතනය සිදුවූ අවස්ථාවේ ඇතැම් සැකකරුවන් හෙලිකොප්ටරයෙන් සිංගප්පූරු යැව්වා සේ හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මන්ත්රිවරියද හෙලිකොප්ටරයකින් කොතැනකට හෝ යැවීමට හැකියාව තිබුණත් ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා එවැන්නක් නොකරන බවත්, සාක්ෂි ඇත්නම් ඇය අත්අඩංගුවට ගැනීමට පොලිසියට කිසිදු බාධාවක් නොමැති බවත් හෙතෙම පැවැසීය.
”ඇය අපේ පක්ෂයේ. හරි හෝ වැරැුදි හෝ ඒ වගකීම අපි භාර ගන්නවා. ඇය වැරැුදිකර ඇති බව තහවුරු වුවහොත් පක්ෂයක් ලෙස විනයානුකූලව කටයුතු කරනවා” යැයි අමාත්‍යවරයා සඳහන් කෙළේය.