FAST NEWS

24×7 Around the Globe

අද රැ සංගීත සංදර්ශන වල තන පට විසි කිරීමේ සුදානමක්.ආරක්ෂක අංශ සීරුවෙන්.

අද (31) රාත්‍රියේදී කොළඹ ගාළුමුවදොර පිටියේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ටෙලිකොම් ස්පීඩ්අප් (SLT Speed Up) සංගීත රාත්‍රිය අතරතුර වේදිකාවට තන පටියක් (බ්‍රා එකක්) විසිකිරීමේ සැලැසුමක් සම්බන්ධයෙන් ආරක්ෂක අංශවෙත තොරතුරු ලැබී ඇතැයි වාර්තා වේ.

එසේ තනපටියක් විසි කිරීමට සැලැසුම්කර ඇත්තේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපහසුතාවයට පත් කිරීමට බවද පැවසේ.එමෙන්ම මේ පිළිබද ආරක්ෂක අංශ මෙය වැළැක්වීමට සුදානමකින් සිටිටින බවද වාර්තා වේ.

ඒ පසුගියදා පැවැති ජනප්‍රිය ගායක එන්රික් ඉග්ලෙසියස්යගේ සංගීත ප්‍රසංගය අතරතුර එහි වේදිකාවට තන පටියක් විසි කිරීම ජනපතිවරයාගේ විවේචනයට ලක්විය.

එසේම ඔහු ප්‍රසිද්ධියේ කියාසිටියේ රටේ සංස්කෘතිය විනාශකළ එන්රික් ලයිව් ෂෝ ලංකාවට ගෙන්වූ අයට මඩු වලිගෙන් තැලිය යුතුබවයි.

ස්පීඩ්අප් (SLT Speed Up) සංගීත රාත්‍රියට තනපටියක් විසිකිරීමට සැරසෙන්නේ එහි සංවිධායකයා වන ටෙලිකොම් හි සභාපතිවරයාවන්නේ ජනපතිවරයාගේ සොයුරු කුමාරසිංහ සිරිසේන මහතා නිසාය.

අදාල සංගීත ප්‍රසංගය අද රාත්‍රි 8.00ට ආරම්භවීමට නියමිත අතර එය රූපවාහිනියේ චැනල් අයි නාලිකාවේද PEO TV හි චැනල් 20 ඔස්සේ ද සජීවීව විකාශය කිරීමටද සැලැසුම් කර තිබේ.

මේ සංගීත ප්‍රසංගය වසර 2015 අවසන් කිරීමට පැවැත්වෙන දැවැන්තම සංගීත රාත්‍රිය ලෙස සලකනු ලබයි.

වායෝ මේ සඳහා සංගීතය සපයනු ලබයි.