2011 වසරේ සිදුවූ දුරකතන ඇමතුමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා ඊයේ (30දා කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණියේය. ඔහු පැමිණ සිටියේ සාමාන්‍ය ටීෂර්ටයක් ඇඳගෙනය.
නාමල් රාජපක්ෂ මහතා බව සඳහන් කරමින් වෙනත් අයකු විසින් එවකට ගුවන් හමුදාපතිවරයා වෙත දුරකතන ඇමතුමක් ලබාදී ගුවන් හමුදා නිලධාරියකුගේ මාරුවීමක් සම්බන්ධයෙන් කළ දැනුම්දීමක් ගැන ප්‍රකාශයක් ලබාදීමට ඔහු පැමිණ තිබුණි.










