FAST NEWS

24×7 Around the Globe

මෛත්‍රී මහින්ද යාබඳ අසුන්වල හිඳගනිති.

අමරපුර මහානායක අතිපූජ්‍ය දවුල්දෙණ ඤාණිස්සර හිමියන්ගේ සිය වැනි ජන්ම දිනය සැමරීම සඳහා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද (31) පැවැත්වෙන උත්සවයට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාද එක්ව සිටිති.

වැඩසටහන සඳහා එක්වීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රථමයෙන්ම පැමිණි අතර පසුව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැමිණියේය.

ඔවුන් දෙදෙනාම ඉදිරිපෙළ අසුන් පෙළේ යාබඳ අසුන්වල හිඳගෙන සිටිති.