ඕස්ටේ‍්‍රලියාවේ බි‍්‍රස්බේන්හිදී පැවැති බිග් බෑෂ් විස්සයි20 තරගාවලියේ 12 වැනි තරගයෙන් බි‍්‍රස්බේන් හීට් කණ්ඩායම පරදවා ලකුණු 15 ක ජයක් අත්කර ගැනීමට කුමාර් සංගක්කාර කී‍්‍රඩා කරන හෝබාට් හරිකේන්ස් කණ්ඩායම සමත් විය.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 195 ක ඉලක්කයක් හඹාගිය බි‍්‍රස්බේන් හීට් කණ්ඩායමට නියමිත ඕවර 20 අවසානයේ කඩුලූ 9 ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 179 ක් පමණි. එහිදී බි‍්‍රස්බේන් හීට් කණ්ඩායම වෙනුවෙන් ප‍්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ නායක කි‍්‍රස් ලයින් පන්දු 51 කදී හයේ පහර 7 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 101 ක් රැස්කළේය.
කෙසේ වුවත් මෙවන් දැවැන්ත ඉලක්කයක් හඹායෑමේදී පිතිකරුවන් 5 දෙනෙකුම ලකුණු 10 සීමාව ඉක්මවා යාමට පෙර දැවීයාම බි‍්‍රස්බේන් කණ්ඩායමට විශාල පාඩුවක් විය. හොබාට් හරිකේන්ස් කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ ජේක් රීඞ් ඕවර 4 ක් යවා ලකුණු 31 කට කඩුලූ 3 ක් දවාගැනීමට සමත් විය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් හෝබාට් හරිකේන්ස් කණ්ඩායමේ පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 35 කදී ලකුණු 50 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට බෙන් ඩන්ක් (27) සහ නායක ටිම් පේන් (25) සමත් වූහ. පන්දු 22 කදී වාර්තා වූ බෙන් ඩන්ක්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් වූ අතර පන්දු 22 කදී වාර්තා වූ ටිම් පේන්ගේ ඉනිමට හතරේ පහර 3 ක් ඇතුළත් විය.
හෝබාට් ඉනිමේ අවසන් ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිරත වූ ඩැනියෙල් කි‍්‍රස්ටියන් පන්දු 24 කදී නොදැවී ලකුණු 56 ක් රැස්කළේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් සමගිනි. ජෝජ් බේලි (31) සමග එක්ව හෝබාට් කණ්ඩායමේ 4 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 32 කදී ලකුණු 67 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගීමටද කි‍්‍රස්ටියන් සමත් විය.
ලූක් ෆෙල්ඞ්මන්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම නිසා දැවීයන විට කුමාර් සංගක්කාර පන්දු 19 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 32 ක් ලබා සිටියේය.
හෝබාට් හරිකේන්ස් – ඕවර 20 කදී කඩුලූ 4 ක් දැවී 194
(බෙන් ඩන්ක් 27, ටිම් පේන් 25, කුමාර් සංගක්කාර 32, ජෝර්ජ් බේලි 31, ඩැනියෙල් කි‍්‍රස්ටියන් නොදැවී 56, සැමුවෙල් බද්රි 27/2)
බි‍්‍රස්බේන් හීට් – ඕවර 20 කදී කඩුලූ 9 ක් දැවී 179
(කි‍්‍රස් ලයින් 101, සෑම් හීස්ලට් 26, ජේසන් ෆ්ලොරෝස් 15, ජේක් රීඩි 31/3, කැමරන් බෝයිස් 22/2)






