FAST NEWS

24×7 Around the Globe

ධීවර කර්මාන්තය සංවර්ධනය වෙනුවෙන් ඕස්ට්‍රේලියනු සහාය.

ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය සංවර්ධනය වෙනුවෙන් ලබා දෙන සහාය තවදුරටත් දීර්ඝ කිරීමට ඕස්ට්‍රේලියාව කැමත්ත පළ කර සිටි බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටී.

පසුගියදා මෙරට සංචාරය කරන ලද ඕස්ට්‍රේලියානු දූත කණ්ඩායමක් ඇමතිවරයා හමු වූ අවස්ථාවක දී මේ බව පවසා ඇත. ඕස්ට්‍රේලියානු වෙළෙඳ කොමසාරිස් ගේසන් පෙරි හා අමාත්‍ය මහින්ද අමරවීර අතර හමුව පසුගිය දා කොළඹ දී පැවැත්විණ.

මෙම හමුවේ දී ඕස්ට්‍රේලියානු වෙළෙඳ කොමසාරිස්වරයා, ධීවර කර්මාන්තය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ භාවිත කෙරෙන ක්‍රමවේදයන් පිළිබඳ මෙරට ධීවරයන් හට පුහුණු අවස්ථා ලබා දීමට ද කැමැත්ත පළකර තිබේ.