FAST NEWS

24×7 Around the Globe

අන්තර්ජාල දැඩි පහරදීම් හමුවේ මෛත්‍රි යලි කට අරී.

දේශීය වටිනාකම් ගැන කථා කළ තමාට අන්තර්ජාලයෙන් දිගට හරහට පහර දෙන නමුත් විජාතික සංස්කෘතියට යටවූ අයට නිරුවතින් මහපාරේ යාමට ඉඩදිය නොහැකි යැයි මෛත්‍රිපාල සිරිසේන ජනපති බත්තරමුල්ල ‘අපේගම’ දී අද (29) පැවසීය.

ජාතික ශිල්ප සභාවේ ජාතික සම්මාන ප්‍රධානෝත්සවයේදී ඔහු මේ බව කීවේය.

‘දේශීය දේ අගය කරන්නැයි පැවසීම නිසා මට දිගට හරහට පහර දෙනවා. අන්තර්ජාලයෙන් මා පට්ට ගහනවා. පොඩි පට්ටම් කරනවා. හැබැයි එසේ කිරීමෙන් ඇඹරෙන්නේ මම නෙමෙයි. ඒවා කරන අයමයි. මම කුඹුරේ නියරේ ගමේ ඇවිද්ද මිනිහෙක්. අපේ හැදියාව සැකැස්ම හා හොඳ නරක අනුවයි මා වැඩ කරන්නේ. කිසිවකුටත් නිරුවතින් පාරේ යන්න ඉඩදෙන්න බෑ’