දැවැන්ත ධුමකේතු කිහිපයක් පෘථිවියේ ගැටීමේ අවදානමක් ඇතැයි විද්‍යාඥයන් අනතුරු අඟවනවා.
එය පෘථිවියේ ගැටුනහොත් ගෝලාකාර විශාල ගිනි පුළිඟු පෘථිවි වායුගෝලයට එක්වනු ඇති බවට හෙළිකරගෙන ඇත.
එමගින් මුදාහැරෙන අයිස් සහ දුවිලි හේතුවෙන් පෘථිවිය වසර ගණනාවක් වැසී පවතිනු ඇතැයි විද්‍යාඥයන් හෙළිකරගෙන තිබෙනවා.
හිරු එළිය ද අවහිර වන අතර උෂ්ණත්වය හිම මිදෙන තත්ත්වයට පත්වනු ඇතැයි සඳහන්ය.
කෙසේවෙතත් එය සිදුවන දිනයක් – කාලය හෝ නිශ්චිත අවධානම පිළිබඳ මෙතෙක් නිවැරදිව ප්‍රකාශ කළ නොහැකි බව වාර්තාවෙයි.
මෙම ධුමකේතු සාමාන්‍ය ග්රාහකයකට වඩා විශාල අවදානමක් බව සමීක්ෂණය සිදුකළ බ්‍රිතාන්‍ය විද්‍යාඥයන් පිරිස පෙන්වා දෙයි.
එහි වේගය පැයට සැතපුම් එක්ලක්ෂ පනස් දහසක වේගයකින් ගමන් කරමින් ඇති බව සඳහන්ය.
බ්‍රිතාන්‍ය විද්‍යාඥයන් ප්‍රකාශකර ඇත්තේ මෙම ධුමකේතුවල අවදානම පිළිබඳ විමර්ශනයට පසුගිය දශක කිහිපය තුළ දැඩි වියදමක් සහ වෙහෙසක් දැරූ බවයි.
නාසා ආයතනය ග්රාහක පිළිබඳව පමණක් අවධානය යොමුකර තිබුන ද මෙම අවධානමත් සමග වෙනත් ග්‍රහලෝක පිළිබඳව ද දැඩි අවධානයක් යොමු කිරීමේ අවශ්‍යතාව මතුවන බව විචාරකයන් පෙන්වා දෙයි.
ධුමකේතු පිළිබඳ රහස් වැඩි ප්‍රමාණයක් සැඟවී ඇති බ්‍රහස්පති ග්‍රහයාගේ තක්ෂය පිළිබඳ දැඩි අවධානයකින් පසුවීමේ අවශ්‍යතාව මෙමගින් පෙන්නුම් කෙරෙන බව ඔවුන් සඳහන් කරයි.
මීට වසර මිලියන 65 කට පමණ පෙර පෘථිවියේ සිටි ඩයිනෝසරයන් වඳවී යනු ලැබුවේද විශාල වල්ගා තරුවක් ගැටීම හේතුවෙන් බවට මත පළවෙයි.
එබැවින් වර්තමානයේදී ද පෘථිවියේ ගැටෙවනු ඇතැයි අවධානම සහිත ධුමකේතු ගැටුන හොත් දැවැන්ත විනාශයක් සිදුවීම සැකයක් නොවෙයි.
සෙන්ටෝරස් ලෙස නම්කර ඇති මෙම ධුමකේතු එකතුව පිළිබඳ අනාවරණ කර ගැනුණේ පසුගිය දශක දෙක තුළදීයි.
ඒතුළ අඩංගු වන්නේ ගෝලාකාර අයිස් කුට්ටි සහ දුවිලිවලින් නිර්මාණය වු කොටස් බව විදෙස් වාර්තාවල සඳහන්ය.
නෙප්චූන් ග්‍රහයා ආසන්නයෙන් එය මතුවී ඇති බවට සැලකෙයි.
එහි තවත් කොටස් විශාල සංඛ්‍යාවක් අඩංගු වන අතර එක් කොටසක් වර්ග සැතපුම් 31 සිට 61 ක් පමණ දක්වා ප්‍රදේශයක පැතිර පවතින බව අනාවරණ වී තිබේ.
පෘථිවියේ ගැටෙතැයි අපේක්ෂිත සෙන්ටෝරස් නම් මෙම ධුමකේතු එකතුවේ සාමාන්‍යයෙන් ප්‍රථිවියේ සමස්ත ජනගහණයට වඩා වැඩි කොටස් ප්‍රමාණයක් පවතියි.
පෘථිවිය අයත් සෞරග්‍රහ මණ්ඩලය ආසන්නයේ පවතින අභ්‍යවකාශ වස්තුන් 12, 992 ක් නාසා ආයතනය මේ වන විට අනාවරණ කරගෙන තිබේ.
ඉන් 1700 ක් උපද්‍රව සහිත ඒවා බවට සඳහන් වෙයි.
එහෙත් නව සොයා ගැනීමත් සමග එම ලැයිස්තුවට තවත් සිය ගණනක් එක් කිරීමට සිදුවනු ඇති බව අභ්‍යවකාශ විද්‍යාඥයින් පෙන්වා දෙයි.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.